මර්ජුවානා මත්ද්‍රව්‍ය ඉරීම ඇල්කොහොල් පානය කිරීම තරම්ම දරැණු නොවන බව ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමා පවසා ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
ඇමෙරිකාවේ ප්‍රකාශයට පත් කෙරෙන 'ද නිව්යෝකර්' සඟරාවට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් ඔහු මේ බව පවසා තිබේ. එහෙත් තවමත් එය නරක අදහසක් ලෙසට සැම දෙනාම සලකන බවත් ඔහු මෙහිදී වැඩි දුරටත් පවසා ඇති බවද බී.බී.සී.ය පෙන්වා දෙයි.
කෙසේ වෙතත් සමාජයේ ගැටලු බොහෝමයකටම පිළිතුරක් යැයි සිතා සර්වරෝග නාශකයක් ලෙස මර්ජුවානා නීතිගත කිරීමට කල්පනා කිරීම වැරුද්දක් බවත් ඔහු මෙහිදී කියා තිබේ. ඇමෙරිකාවේ කොලරාඩෝ සහ වොෂිංටන් ජනපදවල ජනවාරි 01 වැනිදා සිට මර්ජුවානා නීතිගත කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇත. එසේම මෙය අභියෝගාත්මක අත්හදාබැලීමක් බවත් ඔබාමා පවසයි. තමන්ද තරැණ කාලයේදී මර්ජුවානා භාවිත කළ බවත්, පසුව එය නරක පුරැද්දක් ලෙස තේරුම්ගත් බවත් ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත
.