යුක්රේනයේ උද්ගතව ඇති අර්බුදයට රාජතාන්ත්රික විසඳුමක් ලබාදෙන්න යැයි දීර්ඝ දුරකතන සංවාදයකට එක්වෙමින් ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමා විසින් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින්ගෙන් උදක්ම ඉල්ලා ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
නුමුත්, මේ දීර්ඝ දුරකතන සංවාදයේදී පූටින් විසින් ඔබාමා වෙත පවසා ඇත්තේ, යුක්රේනයේ සිටින රුසියානු භාෂාව කතාකරන්නන්ගෙන් ලැබෙන ඉල්ලීමක් මොස්කව් බලාධිකාරයට කිසිසේත්ම ඉවත නොදැමිය හැකි බවයි. එසේ වුවත්, එය ඇමෙරිකාවේ හා රුසියාවේ සබඳතාවන්ට බලපෑමක් කරගත යුතු නැති බව හෙතෙම අවධාරණය කර ඇත.
මීට පෙරද ඔබාමා ජනාධිපතිවරයා විසින් පූටින් ජනාධිපතිවරයා වෙත පැයකට ආසන්න කාලයක් දුරකතනයෙන් කතා කරමින්, ක්රිමියාවේ සිටින රුසියානු හමුදා යළි කැඳවා ගන්නා ලෙස ඉල්ලා සිටියේය. නමුත්, එවරද රුසියානු ජනාධිපතිවරයාගෙන් ඒ පිළිබඳ යහපත් ප්රතිචාරයක් නොවීය.
ක්රිමියාවේ මන්ත්රීන් රුසියානු සමූහාණ්ඩුවට එකතු විය යුතු බවට පාර්ලිමේන්තුවේදී ඡන්දය ප්රකාශ කරමින් ජනමත විචාරණයකට යෑමට සූදානම් වීමත් සමග යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් මේ අලුත්ම තත්ත්වය උද්ගතව තිබේ.