සිය ආසියානු සංචාරය අතුරතුර මැලේසියාවට පැමිණි ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාම, සිරභාරයේ සිටින විරුද්ධ පක්ෂ නායක අන්වර් ඊබ්‍රාහීම් මුණනොගැසීමට ගත් තීරණයේම රැඳී සිටි බව වාර්තා වෙයි.
කෙසේ වෙතත් තමාගේ තීරණය තුළ ඒ සම්බන්ධයෙන් අවධානයක් නොගැනීමක් පිළිබිඹු නොවන බව පවසා ඇති ඔබාමා, තමන් හා මැලේසියානු අගමැති නජීබ් රසාක් මානව හිමිකම් ගැන සාකච්ඡා කළ බව සිහිපත් කර තිබේ.
මීට පෙර ඇමෙරිකාව විසින් අන්වර් සිර භාරයට ගැනීම දේශපාලන පළිගැනීමක් ලෙස පෙන්වා දුන්නේය.
කෙසේ වෙතත් මෙම සංචාරයේදී දෙරට අතර සම්බන්ධතා වර්ධනය වෙනුවෙන් දෙරටේම නායකයන් ප්‍රතිඥා දී තිබේ.
නජීබ් අගමැතිවරයා පවසා ඇත්තේ මෙම සහයෝගය ආර්ථික, ආරක්ෂක, අධ්‍යාපනික, විද්‍යා හා තාක්ෂණ යන ක්ෂේත්‍ර දක්වා දිවෙන බවයි.
වසර 50ක ඉතිහාසය තුළ ඇමෙරිකානු ජනාධිපතිවරයෙකු මැලේසියාවේ සංචාරය කළ ප්‍රථම අවස්ථාව මෙය වීමද විශේෂත්වයකි.