යුක්රේනය තුළ සිදුවන රුසියානු ආක්රමණය ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමා තරයේ හෙලා දකියි.
පෝලන්තයේ කොමිනියුස්ට්වාදය බිඳවැටී වසර 25ක් සැමරෙන මොහොතේ එරට වෝසෝ නගරයේදී ජනතාව අමතමින් ඔබාමා මෙසේ අදහස් දක්වා සිටියේය.
"20 වැනි සියවසේ යොදාගත් අඳුරු උපක්රම 21 වැනි සියවසට යොදා ගැනීමට ඉඩදී අප කෙසේ නම් බලා ඉන්නද?" යනුවෙන් ඔබාමා පවසා සිටියේය.
මීට පෙර ඔබාමා යුක්රේන නව ජනාධිපති පෙට්රෝ පෝරෝෂෙන්කෝ හමුවූ අතර, රටේ සාමය යළි ස්ථාපිත කිරීම සඳහා ඔහු දරණ උත්සාහයට සහාය දක්වන බවද පවසා සිටියේය.
එහිදී, ඔබාමා කියා සිටියේ යුක්රේනය මෙහෙයවීමට පෝරෝෂෙන්කෝ තෝරා ගැනීම ඥානාන්විත ක්රියාවක් බවයි.