‘(UPDATE) ජපානයේ’ ඔන්තකේ ගිනිකන්ද හදිසියේ විදාරණය වීම හේතුවෙන් කඳු නගින්නන් 150ක් පමණ ඊට කොටුවූ බවත්, ඉන් පුද්ගලයන් 30ක් පමණ ජීවිතක්ෂයට පත්වන්නට ඇති බවත් වාර්තා වෙයි.
මෙම කඳුනගින්නන් පිරිස ගිනි කන්දක මුදුනට නුදුරු ගොඩනැගිලි තුළ සිටියදී එම ගිනි කන්ද පුපුරා ගොස් තිබේ.
‘ඔන්තකේ’ ගිනි කන්ද අළු පැහැති දුම් සහ පාෂාණ කැබලි නිකුත්කිරීමට පටන් ගෙන ඇති අතර කඳු නගින්නන් මීටර 3000ක් ඉහළ කඳු මුදුනේ දුමාරයෙන් ආරක්ෂාවීමට දැඩි උත්සාහයක් ගත්තත්, ඇතැම් අයට ඉන් ගැලවීමට නොහැකි වී තිබේ.
ජපාන කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇත්තේ ජනතාවට ගිනිකන්දෙන් ඈත්වී සිටින ලෙසයි.
“අපි දැක්ක අළු දුමාරය දකුණු පැත්තට පැතිරිලා යනවා. කන්ද මුදුනේ ඉඳලා කිලෝමීටර තුනක් විතර උසට එය ගියා. මේ පිපිරීම නොනැවතී දිගටම පවතින්න ඉඩ තියනවා. කන්දේ ඉඳලා කිලෝමීටර හතරක වට ප්‍රමාණයේ පදිංචි වෙලා ඉන්න අය ගල් පෙරලීම ගැන අවධානයෙන් ඉන්න ඕනෑ” යනුවෙන් කාලගුණ අංශ පවසයි.
පොලීසිය පෙන්වා දෙන පරිදි තුවාල ලැබූවන් අතර 10 දෙනෙකු පමණ සිහිමුර්ජා තත්ත්වයෙන් පසුවී තිබේ.