ගිනියාවේ ගිනි ජාලාවක් ලෙස පැතිර යන එබෝලා වෛරසය හේතුවෙන් මියගිය 100 වැනි පුද්ගලයාත් වාර්තා වූ බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවමින් පවසයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන පරිදි ඔවුන් එදා මෙදාතුර මුහුණ දුන් වඩාත් භයංකරම එබෝලා සටනකට මේ වනවිට මුහුණ දී සිටී.
ඒ අනුව, මෙම සටන ස්ථාවර කරගැනීම සඳහා තවත් මාස හතරක පමණ කාලයක් ගතවනු ඇති බව ඔවුන් පවසයි.
වෛරසය හේතුවෙන් මේ වනවිට ගිනියා වැසියන් 101 ක් හා ලයිබීරියානු වැසියන් 10ක් ජීවිතක්ෂයට පත්ව ඇත.
බොහෝ විට සමීප ස්පර්ශයෙන් එබෝලා වෛරසය ශරීරගත වන අතර, එසේ වෛරසය ශරීරගත වූවන්ගෙන් 25% - 90% ත් අතර පිරිසක් ජීවිතක්ෂයට පත්වීමේ ප්‍රවණතාවක් පවතී.
කෙසේ වෙතත් මෙම මාරාන්තික වෛරසය හේතුවෙන් බටහිර අප්‍රිකානු රටවල් රැසක් එකී රටවල දේශසීමා ආරක්ෂාවන් තරකර ඇති අතර, රට රටවල් අතර සංචාරය කරන සංචාරකයන්ද සීමා කර ඇති බව පැවසෙයි.