එකිනෙකාට එරෙහිව සිදුකරන හමුදා ක්‍රියාමාර්ග නවත්වමින් සමගි සන්ධානයකට එන ලෙස උතුරු කොරියාව විසින් දකුණු කොරියාව වෙත විවෘත ආරාධනයක් කර ඇති බව විදෙස් පුවත් සේවා පවසයි.
මෙම ලිපිය උතුරු කොරියාවේ රජයේ මාධ්‍යවල පළ වූ අතර, එහි සුවිශේෂීත්වය වන්නේ දකුණු කොරියාව හා ඇමෙරිකාව විසින් එකාබද්ධ හමුදා අභ්‍යාස ආරම්භ කිරීමට සතියකට පෙර මෙම විවෘත ආරාධනය සිදුකිරීමය.
කෙසේ වෙතත් දකුණු කොරියාව මෙම ආරාධනය සැඟවුණු අභිප්රායක් සහිත වූවක් යැයි පවසමින් ඉවත දමා ඇති බවද වාර්තා වෙයි.