උතුරු ඇමෙරිකාව තුළ කුරුලු උණ හෙවත් H5N1රෝග තත්ත්වයේ ප්‍රථම මරණය වාර්තා වූ බව කැනේඩියානු සෞඛ්‍ය බලධාරීන් අනාවරණය කර තිබිණි.එරට ඇල්බෙර්ටා පළාතේ පදිංචිකාරියක වූ මේ තැනැත්තිය මෑතකදී චීනයේ බීජිං නුවර සිට පැමිණි අයෙකු බව සනාථ වී ඇතැයිද ඔවුන් පවසයි. පසුගිය දෙසැම්බර් 27 වැනිදා එරටට පැමිණි ඇය පසුගිය 01 වැනිදා සිටම රෝග ලක්ෂණ පෙන්නුම් කර තිබේ. මේ දක්වා ඇල්බෙර්ටා පළාත තුළ ඌරු උණ හෙවත් H1N1 සම්බන්ධ මරණ 10ක් ද වාර්තා වී තිබේ. කුරුලු උණ රෝගී තත්ත්වය පෙනහලු සඳහා ඍජුවම බලපානා අතර දරුණු නියුමෝනියා තත්ත්වයකින් රෝගියා මරණයට පත්වෙයි. මෙය ඉතා පහසුවෙන්ම මිනිසුන්ගෙන් මිනිසුන්ට බෝවිය හැකි වෛරසයක් ලෙසද ලෝක සෞඛ්‍ය සංවිධානය දැන් හඳුනාගෙන තිබේ. ඒ අනුව මේ තත්ත්වය පාලනය නොකළ හොත් ඇමෙරිකාව තුළ මහත් සෞඛ්‍ය තර්ජනයක් ඇතිවීමේ අවදානමක් ඇතැයිද විශේෂයන් පවසා සිටී.