25 හැවිරිදි ඊශ්‍රායල් ජාතික තරුණියක් සමූහ දූෂණයකට ලක්කිරීමේ චෝදනා ලබමින් ඉන්දියාවේ හිමාචල් ප්‍රදේශ් ප්‍රාන්තයේ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට පත්ව තිබේ.
ටැක්සි රථයක් යැයි වැරදි වැටහීමකින් මෝටර් රථයක් වෙත ඇය ගොඩවී ඇත්තේ ජනාකීර්ණ මනාලී දිස්ත්‍රික්කයේ සිට ඉන් ඔබ්බෙහි වූ දිස්ත්‍රික්කය වෙත ගමන් කිරීමේ අරමුණිනි.
කෙසේ වෙතත්, මෙම මෝටර් රථය පසුව හුදෙකලා ස්ථානයක් වෙත රැගෙන ගොස් ඇති මොවුන් දෙදෙනා මෙම තරුණියට දරුණු ලිංගික හිංසනයක් සිදුකර ඇති බව ඉන්දීය පොලීසිය කියයි.
මෙම මනාලී දිස්ත්‍රික්කය විදෙස් සංචාරකයන් සඳහා වඩාත් ප්‍රකට ප්‍රදේශයක් වන අතර, මෙම සිද්ධියට මුහුණදුන් තරුණිය මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවද වාර්තා වෙයි.
මෙම ප්‍රදේශය ස්වභාව සෞන්දර්ය අතින් අනූන ප්‍රදේශයක් වුවත්, එහි කාන්තාවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි විවාද මතුවී තිබේ. 2013 වසරේදී ඇමෙරිකානු තරුණියක්ද සමූහ දූෂණයකට ලක්ව තිබුණේ, ඇය ට්‍රක් රථයකට ගොඩවූ විටය.
2012 වසරේ දිල්ලි නුවර බස් රථයක් තුළ වෛද්‍ය ශිෂ්‍යාවක් සමූහ දූෂණයට ලක්වීමේ සිදුවීමෙන් පසු ඉන්දියාව තුළ මෙවැනි අපරාධවල වර්ධනයක් මිස අඩුවක් නොවන බව විදෙස් වාර්තා කියයි.