ඊශ්‍රායලයේ හිටපු අගමැති යෙහුද් ඔල්මර්ට් අල්ලස් ගැනීමේ චෝදනාවකට වරදකරු කරමින් එරට අධිකරණය විසින් වසර හයක සිර දඬුවමකට යටත් කොට ඇති බව වාර්තා වෙයි.
මෙය සුවිශේෂී අවස්ථාවක් වන්නේ, ඊශ්‍රායල ආණ්ඩුවේ හිටපු ප්‍රධානියෙකු දූෂණ චෝදනා මත සිරගත කෙරෙන ප්‍රථම අවස්ථාවයි මෙය වන නිසාය.
ඔල්මර්ට් හිටපු අගමැතිවරයා, ජෙරුසෙලමේ නගරාධිපතිව සිටි සමයේ නිවාස ව්‍යාපෘතියකට සහයෝගය පළ කිරීම සඳහා අල්ලස් ගත් බවට චෝදනා එල්ල වෙමින් මෙසේ දඬුවම් නියම වී ඇත.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් හිටපු අගමැති ඔල්මර්ට් හා අල්ලස් ගැනීමට සම්බන්ධ වූ නිලධාරීන් ඇමතූ විනිසුරුවරයා කියා සිටියේ, ඔවුන්ගේ ක්‍රියා කලාපය රාජද්‍රෝහි ක්‍රියා ලෙසින් සැලකෙන බවයි.
ඒරියල් ශරෝන් ගෙන් අනතුරුව 2006 වසරේ අගමැති ධුරයට පත් වූ යෙහුද් ඔල්මර්ට් 2008 දී තනතුරෙන් ඉවත් විය.
තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බව හිටපු අගමැතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිවේදීහු පවසති .