සිරියාවේ අල්-නුස්රා සටන්කාමීන් ඇමෙරිකානු ගුවන් ප්රහාර සම්බන්ධයෙන් කුපිත වී ඇති බවත්, එම ගුවන් ප්රහාර ඉස්ලාමයට එරෙහි යුද්ධයක් බවත් පවසා තිබේ.
අන්තර්ජාලය හරහා ප්රකාශයක් කරන අල්-කයිඩා සම්බන්ධ මෙම කණ්ඩායම ලොව වටා සිටින ජිහාඩ්වරුන්ට පවසා ඇත්තේ මෙම යුද්ධයට සම්බන්ධ බටහිර හා අරාබි රටවලට ප්රහාර එල්ල කරන ලෙසයි.
ISIS ඉස්ලාමීය අන්තවාදීන්ට එරෙහිව ඇමෙරිකාව ප්රමුඛ සන්ධානය විසින් ගුවන් ප්රහාර එල්ල කිරීම ආරම්භ කිරීමත් සමග මොවුන් මෙසේ කුපිත් වී ඇති බව පැවසෙයි.
මෙම අල්-නුස්රා සටන්කාමීන් මෙසේ ඉස්ලාමයට එරෙහි යුද්ධයක් යැයි පවසුවත් මීට පෙර ඔවුන් ISIS සටන්කාමීන් සමග ගැටුම් ඇතරකර ගත් පිරිසකි.