ලයිබිරීයාවේ සේවය කළ ඇමෙරිකානු ජාතික කැමරා ශිල්පියෙකුට ඉබෝලා ශරීරගත වී ඇති බව වාර්තාවීමත් සමග මේ වනවිට ඉබෝලා වැළඳුණු ඇමෙරිකානුවන් සංඛ්‍යාව හතර දක්වා වැඩි වී තිබේ.
ඇමෙරිකානු මාධ්‍ය කිහිපයක් වෙනුවෙන් වසර 3ක කාලයක් ලයිබීරියාවේ සේවය කළ මෙම කැමරා ශිල්පියා ආසන්න වශයෙන් එන්බීසී පුවත් සේවය වෙනුවෙන් සේවය කරමින් සිටියේය.
බටහිර අප්‍රිකාව තුළ පැතිර යන ඉබෝලා වෛරසය හේතුවෙන් මේ වනවිට පුද්ගලයන් 3,330ක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඇමෙරිකාව තුළ ප්‍රථම ඉබෝලා රෝගියා වාර්තාවීමත් සමග රෝගය පැතිරයාම වැළැක්වීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපති බරැක් ඔබාමා උපදෙස් ලබාදී තිබේ.