ඉන්දුනීසියාවේ ප්‍රධාන ජාවා දූපත්වලට ආසන්නව ගැඹුරු සාගරයේ ප්‍රබල භූ කම්පනයක් ඇති වී තිබේ.
නමුත්, මින් සුනාමි තත්ත්වයක් ඇතිවීමේ මූලික අවදානමක් නොමැති බව වාර්තා වෙයි.
මෙම භූ කම්පනය ප්‍රධාන ජාවා දූපතට ප්‍රබල ලෙස දැනුනද, ඉන් සිදුවූ ජීවිත හානි හෝ දේපොල හානි පිළිබඳව දැනට වාර්තා නොවෙයි.
මධ්‍යම ජාවා හි දකුණුදිග වෙරළ තීරයේ ක්රෝයා නගරයේ සිට සැතපුම් 25ක් දුර සාගරයේ සැතපුම් 51ක් ගැඹුරින් ඇති වී තිබෙන මේ භූ කම්පනය රික්ටර් මාපාංක 6.1ක භූ කම්පනයක් බව අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.
එමෙන්ම, ඉන්දුනිසියාවේ කාලගුණ හා භූ විද්‍යා ඒජන්සිය මූලිකවම මෙය රික්ටර් මාපාංක 6.5ක භූ කම්පනයක් බව පැවසූ අතර, සුනාමි තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් නොමැති බවද කියවුණි.
මධ්‍යම හා බටහිර ජාවා ප්‍රාන්තවල භූ කම්පනය දැනී ඇති අතර, සුනාමි තත්ත්වයක් ඇතිවිය හැකියැයි සිතා ජනතාව බියට පත්වී ඇති බවද කියැවෙයි.