ඉන්දියාවේ මීළඟ මහමැතිවරණය එළැඹෙත්ම එරට පාලක කොංග්රස් පක්ෂය තම මෑත ක්‍රියාකලාපය මෙන්ම අතීත ක්‍රියාකලාපය සම්බන්ධයෙන් දැඩි පීඩනයකට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය හුවා දක්වයි.
1984 වසරේ දී ෂික් ජාතිකයන් දහස් ගණනක් මරා දැමීමට හවුල් වූ කොංග්රස් පක්ෂ නිලධාරීන් පිළිබඳ තොරතුරු යටපත් කර දැමීමට ක්‍රියා කළ බවට කොංග්රස් පක්ෂයට එරෙහිව දැඩි විවේචනයක් එල්ල වී තිබෙන්නේ ෂික් ජාතිකයන්ගෙන් බව පැවසෙයි.
හිටපු අගමැතිනී ඉන්දිරා ගාන්ධි රන් දෙවොලේ කඳවුරු ලා සිටි ෂික් සන්නද්ධ කණ්ඩායමට මාරක ප්‍රහාරයක් එල්ල කරන මෙන් නියෝග දීමට පෙර, බ්‍රිතාන්‍ය SAS බලකාය අගමැතිවරියට රහසිගතව උපදෙස් දී ඇති බව මෑතකදී හෙළිදරව් වීමත් සමග ෂික් ඝාතන පිළිබඳ චෝදනා යළි කරළියට ආවේය.
එහිදී, රන් දෙවොලට එල්ල කළ ප්‍රහාරය පශ්චාත් ප්රචණ්ඩ ප්‍රහාර රැල්ලකට හේතු වූ අතර, ඉන්දිරා ගාන්ධි සිය ෂික් ජාතික ආරක්ෂක නිලධාරියකු පළි ගැනීමේ ප්‍රහාරයකින් මරා දැමූ බව කියවුණි. ඉන් අනතුරුව ෂික් ජාතිකයන්ට එරෙහිව ප්‍රහාර රැල්ලක් එල්ල කෙරුණු අතර ප්‍රහාරකයන් දිරිමත් කළ බවට කොංග්රස් පක්ෂයේ දේශපාලකයන්ට චෝදනා එල්ල විය.
කෙසේ වෙතත් මෙම සිදුවීමට වසර තිහක් ගතව ඇතත් ෂික් ඝාතන සම්බන්ධයෙන් වගකිව යුත්තන් අධිකරණය ඉදිරියට පමුණුවා නොමැති බවද විදෙස් මාධ්‍ය හුවා දක්වයි.