ඉන්දීය මහ මැතිවරණයේ තවත් දැවැන්ත දිනයක් අද ආරම්භ වූයේ අදියර 9ක් යටතේ පැවැත්වෙන මැතිවරණයේ 6 වැනි අදියර ලෙසිනි.
අද පැවැත්වෙන අදියරේදී අපේක්ෂකයන් 2,000කට අධික පිරිසක් තරග කරන අතර, බටහිර බෙංගාලය, උත්තර් ප්‍රදේශ්, මධ්‍ය ප්‍රදේශ්, බිහාර් සහ ඉන්දීය පාලනයේ පවතින කාශ්මිරය යන ප්රාන්තයන්හි මැතිවරණය පැවැත්වෙයි.
ඒ අනුව, අද මැතිවරණය සඳහා මිලියන 180ක ඡන්දදායකයන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා සිටියි. එමෙන්ම, 190,935ක් වූ ඡන්ද පොළ ආරක්ෂාව සඳහා දහස් සංඛ්‍යාත පොලිස් හා ආරක්ෂක අංශ කටයුතු කරන බවද වාර්තා වෙයි.
පසුගිය අප්‍රේල් 7 වැනිදා ආරම්භ වී ලබන මැයි 12 වැනිදා අවසන් වන ඉන්දීය මහ මැතිවරණය ලොව විශාලතම මහ මැතිවරණය ලෙස සැලකෙන්නේ, ඡන්දදායකයන් මිලියන 814ක් මෙවර මැතිවරණය වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබාසිටින නිසාය.