ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වන භාරතීය ජනතා පක්ෂයේ ප්‍රධාන අපේක්ෂක හා මෙවර මහ මැතිවරණයේ අගමැති අපේක්ෂක නරේන්ද්‍ර මෝඩි තමන් විවාහක බව ප්‍රථම වරට ප්‍රසිද්ධියේ පවසා ඇති බව වාර්තා වෙයි.
ජාෂෝදාබෙන් නමැත්තියක සමග මෝඩි විවාහ වී තිබෙන්නේ 17 වැනි වියෙහි පසුවන විටදී බවත් මෙහිදී අනාවරණය කෙරිණි. කෙසේ වෙතත් ඔවුන් දෙදෙනා එකට ජීවත්ව නැති බවත් කියවුණි.
මීට පෙර ඔහුගෙන් විවාහය පිළිබඳ ප්‍රශ්න කෙරුණු බොහෝ අවස්ථාවල මුනිවත රැකීමට කටයුතු කළ මෝඩි, හින්දු ජාතික පක්ෂයක නියෝජිතයෙකු ලෙස තමන් බ්‍රහ්මචාරී ජීවිතයක් ගතකළ පුද්ගලයෙකු ලෙස ප්‍රකට කිරීමට ඔහු කටයුතු කළේය.
මෝඩි විවාහ වූ කාන්තාව මේ වනවිට ගුජරාට් ප්‍රාන්තයේ ජීවත් වන බවත්, ඇය විශ්‍රාමික ගුරුවරියක බවත් මේ වනවිට අනාවරණය වී තිබේ.
නරේන්ද්‍ර මෝඩි 2001 වසරේ සිට ගුජරාට් ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කරන අතර, ඔහු ප්‍රථම වතාවට පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත්ව සිටියි.