රත්රන්වලින් පමණක් නිර්මාණය වූ ලෝකයේ වටිනාම කමිසයක් මිලදී ගත් ප්රකට ඉන්දීය ජාතිකයා හෙවත් 'රත්රන් මිනිසා' දැඩි පහරකෑමකින් පසුව ජීවිතක්ෂයට පත්ව තිබේ.
නමින් දත්තා ෆූගේ වන ඔහු කි.ග්රෑ.3කට අධික රත්රන් යොදා නිර්මාණය කෙරුණු, ඇ.ඩො.250,000ක් වටිනා රත්රන් කමිසය මිලදී ගැනීමත් සමග 2013 වසරේදී ලොව පුරා ප්රසිද්ධියට පත්විය.
පොලී මුදලාලි කෙනෙකු ලෙස සැලකෙන මොහු පූනේ නගරයේදී මෙසේ පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව ඇත.
මෙම සිදුවීම සම්බන්ධයෙන් පුද්ගලයන් සිවු දෙනෙකු අත්අඩංගුවට ගෙන ප්රශ්න කරන බවත්, මුදල් ආරවුලක් මෙම මරණයට හේතු වන්නට ඇති බවත් පෝලීසිය විශ්වාස කරයි.
48 වැනි වියෙහි පසුවන මෙම 'රත්රන් මිනිසාට' පුද්ගලයන් 12 දෙනෙකු වට කරගෙන පහරදී තිබුණ් බ්රහස්පතින්දා රාත්රියේදීය.
එහිදී, එක් සැකකරුවෙකු ඔහුගේ නිවසේ පැවති උපන්දින සාදයක් සඳහා ෆූගේ සහ ඔහුගේ 22 හැවිරිදි පුතාට ආරාධනා කර ඇති අතර, එහිදී, ගල්මුල් හා තියුණු ආයුධ යොදාගෙන මෙම ප්රහාරය එල්ල කර තිබේ.
එහිදී, ඔහුගේ පුතා දිවි බේරාගෙන පළාගොස් ඇති බවත්, තම පියා ඝාතනය කරන ආකාරය ඔහු සියසින් දැක ඇති බවත් පොලීසිය කියයි.
කෙසේ වෙතත්, මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකෙරෙන බව ඉන්දීය පොලීසිය පවසයි.