ඉන්දියාවේ ප්‍රදේශ රැසක් පුරා පසුගිය කාලයේ ඇති වූ ගංවතුර තත්ත්වයෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 152 ඉක්මවන බව එරට බලධාරීහු පවසති.
ඇසෑම් ප්‍රාන්තයේ පමණක් පුද්ගලයන් 34 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව මිලියන 1.1ක ජනතාවකට උන්හිටිතැන් අහිමි වී ඇති බව ප්‍රාන්ත බලධාරීන් කියයි.
එමෙන්ම, කාසරින්ගා ජාතික වනෝද්‍යානයේ කොටුවී සිටින වන සතුන් මුදාගැනීම සඳහා මෙහෙයුම් දියත් වන බවත්, එක් අඟක් සහිත රයිනෝවන් සඳහා මෙම වනෝද්‍යානය ප්‍රසිද්ධියක් උසුලයි.
වනජීවී නිලධාරීන් පවසන්නේ වනෝද්‍යානයෙන් 80%ක් ජලයෙන් ටයවී ඇති බවයි. එමෙන්ම දුර්ලභ සතුන් 100ක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, ඒ අතර එක් අඟක් සහිත රයිනෝවන් 17 දෙනෙකු සිටින බවත් කියැවෙයි.