දකුණුදිග ඉතාලියේදී මගී දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් පුද්ගලයන් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.
අනතුර සිදුවන අවස්ථාවේදී වෙරළාශ්‍රිත බාරී සහ බාර්ලෙට්ටා යන නගර ආසන්නයේදී මෙම දුම්රිය දෙකම එකම දුම්ර්ය මාර්ගයක ගමන් කර ඇත.
අනතුරින් දුම්රිය දෙකටම බරපතල හානි සිදුව ඇති අතර, සුන්බුන් අතරින් අනතුරට පත් පිරිස් ඉවතට ගැනීම සඳහා සහන කණ්ඩායම් දැඩි පරිශ්‍රමයක් දරා තිබේ.
මෙම අනතුරත් සමග ප්‍රදේශයේ ලේ පරිත්‍යාග කරන්නන්ගෙන් විවෘත ඉල්ලීමක් කරමින්, හැකි තරම් ලේ පරිත්‍යාග කරන ලෙසද පවසා ඇත.
කෙසේ වෙතත්, මෙම අනතුරට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නොමැති අතර, පැහැදිලි කාලගුණයක් පැවති අවස්ථාවක අනතුර සිදුව ඇති බවත්, දුම්රිය දෙකම අධික වේගයෙන් ගමන් කර ඇති බවත් කියැවෙයි.