උතුරුදිග ඇෆ්ගිනිස්ථානයට බලපා ඇති දරුණු ගංවතුර තත්ත්වයක් හේතුවෙන් පුද්ගලයන් 80ක් පමණ ජිවිතක්ෂයට පත්ව ගම්මාන සිය ගණනක් අත්හැර දැමීමට සිදුව ඇති බව වාර්තා වෙයි.
උතුරුදිග ඇෆ්ගනිස්ථානයේ, ජොවාස්ජෑන් පළාතේ ආණ්ඩුකාරවරයා අනතුරු අඟවා තිබුනේ මිය ගිය සංඛ්‍යාව මීට වඩා වැඩි විය හැකි බවයි.
බොහෝ ගම්වාසීන් තමන්ගේ කටුමැටි නිවාසවල වහළ මතට නැගී සිටින ආකාරය දැකිය හැකි බවත්, හෙලිකොප්ටර් යොදා ගනිමින් විපතට පත්වූවන් ගලවා ගැනීමේ මෙහෙයුම් සිදුකෙරෙන බවත් විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
මීට අමතරව, බටහිර ඇෆ්ගනිස්ථානයේ පළාත් කිහිපයකටද ගංවතුර තත්ත්වයක් උද්ගතව තිබෙන බවද වාර්තා වෙයි.
ආණ්ඩුකාරවරයා පෙන්වාදෙන පරිදි මේ වනවිට ජීවිත 80ක් අහිමි වී ඇති අතර, නිවාස 3,000ක් පමණ සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් ඇති බව කියැවෙයි.