ඇෆ්ගනිස්ථාන ඓතිහාසික ජනාධිපතිවරණයේදී අසාමාන්‍ය ලෙස තරුණ මහළු කාන්තාවන් ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණෙමින් සිටි බව විදෙස් පුවත් සේවා වාර්තා කළේය.
ඇෆ්ගනිස්ථාන ඉතිහාසයේ ප්‍රථම වරට ප්රජාතන්ත්රවාදී ලෙස බලය හුවමාරු වන මෙවර ජනාධිපතිවරණයෙන් නව ජනාධිපතිවරයකු තෝරාගැනීම සඳහා එරට ජනතාව තුළ පැවති මෙම උනන්දුව, ඔවුන් ඡන්දය භාවිත කිරීමට පැමිණි උද්යෝගයෙන්ම පැහැදිලි වූ බව විදෙස් පුවත් සේවා වැඩිදුරටත් වාර්තා කළේය.
මෙවර මැතිවරණය වෙනුවෙන් දැඩි ආරක්ෂක විධිවිධාන යොදා තිබුණද, අධික වර්ෂාවක් කාබුල් නුවරට ඇද හැලුනද ඒ කිසිත් නොතකා ජනතාව වීදි පුරා රැස්වී විනෝදවීම සැණකෙළි සිරියක් ගත් බවද පැවසුණි.
තලේබාන් සටන්කාමීන් විසින් මැතිවරණය කඩාකප්පල් කරන බවට මීට පෙර සිදුකරන ලද අනතුරු ඇඟවීම් නිසාම ජනාධිපතිවරණයේ ආරක්ෂාව තර කරමින් ලක්ෂ හතරකට ආසන්න පොලිස් හා හමුදා බල ඇණි රට පුරා සීරුවෙන් සිටි බවද විදෙස් පුවත් සේවා වාර්තා කළේය.