ඇල්ජීරියාවට අයත් හමුදා ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයන් 250කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඇල්ජීරියාවේ අගනුවර ඇල්ග්රීස් හි බෝෆාරික් ගුවන් තොටුපොළින් ගුවන්ගත වී විනාඩි කිහිපයකට පසුව යානය කඩා වැටී ඇති අතර, අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
යානය කඩා වැටීමෙන් මියගිය පිරිස පිළිබඳ මෙතෙක් නිල සංඛ්‍යාලේඛන ඉදිරිපත් කර නැතත්, පුද්ගලයන් 247ක් මියගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.