ඇමෙරිකා එක්සත් ජනපදයේ සුවිශාලතම ඖෂධ වෙළෙඳ සැල් ජාලයක් වන CVS Caremark වෙළෙඳ සැල් ජාලය විසින් සිගරට් ඇතුළු දුම්කොළ නිෂ්පාදන අලෙවිය සම්පූර්ණයෙන්ම නතර කිරීමට තීරණය කරන ලදී.
CVS Caremark වෙළෙඳ සැල් ජාලයේ ප්රධාන විධායක නිලධාරීවරයා විසින් නිල වශයෙන් මේ බව දැනුම් දීමත් සමග, ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමා විසින්ද එම පියවර අගය කරමින් පවසා ඇත්තේ, මිනිස් ජීවිත රැකගැනීම සඳහා එය හොඳ පියවරක් වනු ඇති බවයි.
ඇමෙරිකාව පුරා CVS Caremark වෙළෙඳ සැල් 7,600ක් පවතින අතර, එළැඹෙන ඔක්තෝබර් 01 වැනිදා සිට ඒ සියලුම වෙළෙඳ සැල්වලින් සිගරට් හා දුම්කොළ නිෂ්පාදන අලෙවිය නවතා දැමෙන බව ප්රධාන විධායක නිලධාරී ලැරී මෙර්ලෝ පවසයි.
මෙම පියවර සමග සමාගමේ වාර්ෂික ආදායම ඇ.ඩො.බිලියන 2කින් පමණ අඩු වුවත්, එය මේ අවස්ථාවේ ගත යුතු නිවැරදිම තීරණය බව හෙතෙම වැඩිදුරටත් පවසයි.