දරුණු සුළි කුණාටු සමග ඇති වූ ටෝර්නේඩෝ තත්ත්වයන්ගෙන් බැට කෑ අමෙරිකාවේ ප්‍රන්ත කිහිපයක් තවදුටත් එම ස්වභාවික ව්‍යසනයෙන් පීඩාවට පත්ව ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව, මේ අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ මේ දක්වා මියගිය පිරිස 20 දක්වා වැඩි වී ඇති අතර, මියගිය පිරිස මීට වඩා වැඩි විය හැකි බවටද තොරතුරු වාර්තා වෙයි.
දෙවැනි රාත්‍රියටත් ටෝනේඩෝ කිහිපයක්ම නිවාස සුණු විසුණු කරමින්, මෝටර් රථ අහසේ පා කරමින් ප්‍රාන්ත කිහිපයක් හරහා ගමන් කළ බව එරට කාලගුණ බලධාරීහු පවසති.
දැනට ලැබී ඇති තොරතුරු අනුව, ආර්කන්සාස් ප්‍රාන්තය ටෝර්නේඩෝ තත්ත්වයෙන් බලවත්ම පීඩාවට ලක්ව ඇති ප්‍රාන්තයයි. එමෙන්ම ලෝවා සහ ඔක්ලොහෝමා ප්රාන්තයන්ද දැඩි බලපෑමකට නතුව තිබේ. මෙම ප්‍රාන්තවල පමණක් ඉරිදා රාත්‍රිය වනවිට මරණ 16ක් වාර්තා වී තිබුණි.