2014 වසර ආරම්භ කරමින් ඇමෙරිකාවට බලපෑ දරුණුමතම හිම කුණාටුව එරට ඊසානදිග වෙරළ තීරයට බලපා ඇති බව බී.බී.සී. පුවත් සේවය අනාවරණය කරයි. මෙම හිම කුණාටුවත් සමග මැසචුසෙට්ස් නගරයට වාර්තාගත හිම පතනයක් ලැබී ඇති අතර, එය සෙන්ටිමීටර් 53 ක් ලෙස සටහන් වෙයි.
මෙම හිම කුණාටුවත් සමග ගුවන්ගමන් දහස් ගණනක් අවලංගු කර ඇති අතර, නිව්යෝක් හා නිව්ජර්සි යන ප්රාන්තවල නගරාධිපතිවරු හදිසි තත්ත්වයක් ප්රකාශයට පත්කරමින්, නගරවැසියන්ට නිවෙස්වලට වී සිටින ලෙස අවවාද කර ඇති බවද වාර්තා වෙයි. මෙම ප්රාන්තවල පාසල් රැසක් වසා දමා ඇති අතර, කුණාටු තත්ත්වය තවදුරටත් දරුණු විය හැකි බවටද අනතුරු අඟවා තිබේ.