ඇමෙරිකාව හා දකුණු කොරියාව ඒකාබද්ධව සිදුකරන දැවැන්ත යුද අභ්‍යාසයක් එලඹෙන අප්‍රේල් 01 වැනිදා සිදුකරන බව නිවේදනය කර තිබේ.
සාමාන්‍යයෙන් මෙවැනි යුද අභ්‍යාස කොරියානු අර්ධද්වීපය තුළ බොහෝ ලෙස දැකගත හැකි වූ අතර, මෙය උතුරු කොරියානු ආක්‍රමණයක් සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් ලෙස උතුරු කොරියාව සලකනු ලැබිණි.
කෙසේ වෙතත්, මෙම අභ්‍යාසය පසුගිය මාර්තු මාසයේදී පැවැත්වීමට තිබූ අතර, සීත සෘතු ඔලිම්පික් ක්‍රීඩා උළෙල සමග දෙරට අතර ඇරඹූ නව සාකච්ඡා සමග එය කල් ඇදුණි.
මෙම යුද අභ්‍යාසය සඳහා හමුදා සාමාජිකයන් ලක්ෂ 3කට ආසන්න පිරිසක් සහ විවිධ යුදෝපකරණ රැසක් භාවිතයට ගැනෙන බව කියැවෙයි.
කොරියානු අර්ධද්වීපය තුළ උණුසුම් තත්ත්වය පහව යැවීම වෙනුවෙන් වූ රාජතාන්ත්‍රික වෑයමක් සිදුවන අවස්ථාවේදී මෙම නව යුද අභ්‍යාස සම්බන්ධ පුවත වාර්තා විය.
උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් විසින් ඇමෙරිකානු නායකයා හමුවී මුහුණට මුහුණ සෘජු සාකච්ඡාවක් පැවැත්වීමට කළ ආරාධනය මෙම මස මුලදී ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පිළිගැනීමත් සමග මෙම සාම මාවතට දොරගුළු විවර විය.
එමෙන්ම, තම න්‍යෂ්ටික වැඩපිළිවෙළ අත්හැරීමට සූදානම් බව උතරු කොරියාව විසින්ද පවසා තිබුණි.