ඇමෙරිකාවේ, ටෙක්සාස් ජනපදයේදී සිදුවූ වා බැලූන ගිනිගැනීම එරට ඉතිහාසයේ සිදුවූ දරුණුතම වා බැලූන අනතුර බව විදෙස් වාර්තා පවසයි.
මෙම අනතුර හේතුවෙන් එම වා බැලූනයේ ගමන් කළ 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබුණේ ලොක්හාර්ට් ආසන්න ප්රදේශයේදී මෙම බැලූනය කඩා වැටීම නිසාය.
මෙම වා බැලූනය අනතුරට මුහුණදීමට පෙර විදුලි රැහැන් කිහිපයක් අසලින් ගමන් කරමින් තිබූ බවත් කියැවෙයි. එමෙන්ම, එහි වූ පිපිරිමක්ද අනතුරට හේතුව බවට අදහසක් පවතී. කෙසේ වෙතත්, මෙම අනතුරට හේතුව මෙතෙක් පැහැදිලිව අනාවරණය කර ගෙන නොතිබුණි.