ඇමෙරිකා එක්සත් ජනපදය වෙත ඇතුළු වන අයට වීසා නිකුත් කිරීමේදී ඔවුන්ගේ සමාජජාල භාවිත කිරීමේ ඉතිහාසය පිළිබඳ සලකා බැලීමට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය සැරසෙයි.
ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් පැමිණි මෙම යෝජනාවට අනුව, බොහෝ වීසා අයදුම්පත් සඳහා ඔවුන්ගේ ෆේස්බුක් සහ ට්විටර් සමාජජාල ගිණුම්වල සවිස්තරාත්මක වාර්තාවක් ලබාදීමට සිදුවනු ඇති බව කියැවෙයි.
එහිදී, ඔවුන් පසුගිය වසර කිහිපය මුළුල්ලේ සමාජජාල භාවිතයේදී යොදාගත් සියලු සමාජජාල අනන්‍යතාවන් හෙළි කිරීමට සිදුවනු ඇත.
ඒ අනුව, වසරකට ඇමෙරිකානු වීසා අයදුම්පත් යොමු කරන මිලියන 14.7ක පිරිසකට මෙම යෝජනාව බලපානු ඇති බව විදෙස් වාර්තා පවසයි.
එය ඇමෙරිකාව වෙත සංක්‍රමණික වීසා මෙන්ම, සංක්‍රමණික නොවන වීසා බලාපොරොත්තු වන සියලු වීසා අයදුම්කරුවන්ට බලපැවැත්වෙනු ඇත.
එමෙන්ම, පසුගිය වසර පහක කාලය තුළ ඔවුන් භාවිත කළ දුරකථන අංක, ඊමේල් ලිපිනය්න මෙන්ම, ඔවුන්ගේ සංචාර පිළිබඳ තොරතුරුද වීසා අයදුම්පත සඳහා අවශ්‍ය වනු ඇත.
මීට අමතරව, කිසියම් රාජ්‍යයකින් ඔවුන් පිටුවහල් කරනු ලැබුවේද හෝ ඔවුන්ගේ ඥාතියෙකු හෝ කිසියම් ත්‍රස්ත ක්‍රියාවකට සම්බන්ධ වූයේද යන්න පිළිබඳවද සොයා බැලෙනු ඇත.
කෙසේ වෙතත්, වීසා නොමැතිව ඇමෙරිකාවට ඇතුළු වීමට අවසර ඇති බ්‍රිතාන්‍ය, කැනඩාව, ප්‍රංශය සහ ජර්මනිය යන රටවල පුරවැසියන්ට මෙම නීතිය බලනොපානු ඇති බවත් කියැවෙයි.
කෙසේ වෙතත්, එවැනි නිදහසක් නොමැති චීනය, ඉන්දියාව, මෙක්සිකෝව, ශ්‍රී ලංකාව වැනි රටවල පුරවැසියන්ට මෙම යෝජනාව ක්‍රියාත්මක වුවහොත්, ඒ අනුව සියලු තොරතුරු හෙළි කිරීමට සිදුවනු ඇති බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.