මාරාන්තික ඉබෝලා වෛරසයේ වැළඳුණු පුද්ගලයෙකු පිළිබඳව ප්‍රථම වරට ඇමෙරිකානු භූමියෙන් වාර්තා වන බව විදෙස් පුවත් සේවා පවසයි.
ටෙක්සාස් හෙලත් ප්‍රෙස්බිටේරියන් රෝහල මෙය තහවුරු කර ඇති අතර, එම රෝහල තුළ වෛරසය ශරීරගත වූ පුද්ගලයා හුදකලා කොට ප්‍රතිකාර කරන බව පෙන්වා දී තිබේ.
මීට සති දෙකකට පෙර ඇමෙරිකාවට පැමිණීමට පෙර ඔහු ලයිබීරියාවේ සිටියදී වෛරසය ශරීරගත වන්නට ඇති බවට සැක කෙරෙයි.
ඉබෝලා වෛරසය හේතුවෙන් මේ වනවිට බටහිර අප්‍රිකානු කලාපයේ පුද්ගලයන් 3,000කට වැඩිපිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, එම කලාපයේ සේවය කරමින් සිටියදී වෛරසය ශරීරගත වී නැවත සුවවීමෙන් පසු ඇමෙරිකාවට පැමිණි සහන සේවකයන් කිහිප දෙනෙකු සිටින බවද වාර්තා වෙයි.
රෝග පාලන හා පිටුදැකීමේ ඇමෙරිකානු මධ්‍යස්ථානය පෙන්වා දෙන්නේ නයිජීරියාවෙන් සහ සෙනගල් රාජ්‍යයෙන් මේ වනවිට අලුතින් ඉබෝලා ශරීරගත වූවන් වාර්තා නොවන බැවින්, එම රටවල් හි ඉබෝලා පාලනයක් දක්නට ලැබෙන බවයි.