ඇමෙරිකාවේ, පෙන්සිල්වේනියා ප්රාන්තයේ, උසස් පාසලක සිදුවූ පිහි ඇනුමකින් සිසුන් 20කට වඩා වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.
මෙම ප්රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ එක් අයෙකු පාසලේම සිසුවෙකු බව පැවසෙයි.
තුවාල ලැබූ සිසුන් වයස අවුරුදු 14 - 17 ත් අතර වයසේ පසුවන්නන් වන අතර, එහි බරපතල තුවාල ලැබූවන්ද සිටින බව කියැවෙයි.
කෙසේ වෙතත් ප්රහාරයෙන් පසුව පාසල වසා දමමින් විශේෂ පොලිස් මෙහෙයුමක් පාසල තුළ හා අවට සිදුකර ඇති බවද වාර්තා වෙයි.
උසස් පාසලේ සිදුවී ඇති පිහි ඇනුම අතිශය ඛේදනීය තත්ත්වයක් බවත්, පාසලේ පහළ පන්ති සියල්ලම අවලංගු කරමින්, සෙසු සියලුම ද්විතීක හා උසස් පාසල් සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කර ඇති බවත් පාසල් බලධාරීහු ප්රකාශ කළහ.