සීකා වෛරසය අප්‍රිකාව සහ ආසියාව තුළ කෝටි 200ක ජනතාවට වැළඳීමේ අවදානමක් පවතින බවට විද්‍යාඥයන් පිරිසක් අනතුරු අඟවති.
එහිදී, ඉන්දියාව, ඉන්දුනීසියාව සහ නයිජීරියාවේ වෙසෙන ජනතාව අතර සීකා වෛරසය පහසුවෙන් පැතිරීමේ අවදානමක් පවතින බවද ඔවුහු පෙන්වා දෙති.
මෙම රටවල ගුවන් ගමන්වල යෙදෙන පුද්ගලයන්ගේ තොරතුරු අධ්‍යයනය කිරීමෙන් පසුව මෙම විද්‍යාඥයන් පිරිස මෙම අනාවරණය සිදුකර ඇත.
මෙවැනි අවදානයක් පැවතියත්, සීකා වෛරසයෙන් බේරීමට අවශ්‍ය කරන ප්‍රතිශක්තීකරණ වෛරසයද එම වෛරසය පැතිරෙමින් පවතින කලාපයෙන්ම සොයාගැනීම තුළින් සීකා වසංගතයක් බවට පත්වීම වළක්වා ගැනීමට ඉඩකඩ පවතින බවද ඔවුහු පෙන්වා දෙති.
බ්‍රිතාන්‍යයේ පළ කෙරෙන ලාන්සෙට් විද්‍යා සඟරාව මගින් එම විද්‍යාඥයෝ මෙම අනාවරණය සිදුකර ඇත.
එහිදී, ඔවුන් මෙම නිගමනයට පැමිණීමේදී සීකා වෛරසය ශීඝ්‍රයෙන් පැතිර යමින් ඇති දකුණු ඇමෙරිකාවේ සිට සීකා තර්ජනය ඉහළ මට්ටමක පවතින අප්‍රිකා සහ ආසියා මහද්වීපවලට ගුවනින් ගමන් ගන්නා පිරිස් සහ අදාළ රටවල පවතින දේශගුණික සහ පරිසර සාධක සැලකිල්ලට ගෙන තිබේ.