අහක දමන විවිධ වර්ගවල බෝතල් අපූර්ව අලංකාරයක් ගෙනෙන ලන්තෑරුම් බවට පත්කිරීමක් ගැන පසුගියදා වාර්තා වුණා.
මේ සඳහා සිදුකරන්නේ බෝතල් සඳහා යොදා ගන්නා කිරල මූඩිය LED බල්බයක් සහිතව බලගැන්වීමයි.
මෙවැනි LED බෝලත් කිරල මූඩියක් ඇ.ඩො.10ක් පමණ මිල වන බව කියනවා. එය USB ආධාරයෙන් නැවත ආරෝපණය කළ හැකි ආකාරයට නිර්මාණය කර ඇති නිසා, බෝතලයට මෙම කිරල මූඩිය සවි කර, එහි ස්විචය දැමී විට බෝතලයේ වර්ණය හා ස්වරූපය අනුව අපූර්ව ආලෝක රාටාවක් ගෙන දෙනවා.
උත්සවශ්රීයක් ගෙනෙන රාත්රී කෑම මේසයකට වඩාත් සුදුසු මේ බෝතල් ලන්තෑරුම පැයක් ආරෝපණය කිරීමෙන් පැය දෙකහමාරක් නොනිමී දැල්වෙන බවද කියනවා.