ඇෆ්ගනිස්තානයේ උප ජනාධිපති මාෂල් මොහමඩ් ඛාසීම් ෆාහිම් අභාවප්‍රාප්ත වෙයි.
හිටපු හමුදා අණදෙන නිලධාරියකු වූ ඔහු තලේබාන් පාලනය බිඳ වැටීමෙන් පසු එරට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අතර, 2009 වසරේදී එරට උප ජනාධිපති ධුරයට පත්විය.
උප ජනාධිපති මාෂල් මොහමඩ් ඛාසීම් ෆාහිම් අභාවප්‍රාප්ත වනවිට 57 වැනි වියේ පසු විය. ඇෆ්ගනිස්ථාන ජනාධිපති කාර්යාලය ඇසෝසියේටඩ් ප්‍රෙස් පුවත්සේවයට පවසා ඇත්තේ උප ජනාධිපතිවරයා අසනීප තත්ත්වයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වී ඇති බවය.
මුලදී කෲර හමුදා නිලධාරියෙකු ලෙස චෝදනා ලබා සිටි නමුත් තලේබාන් පාලනය බිඳ වැටීමෙන් පසු රට ස්ථාවර කරගැනීම සඳහා ඔහුට ඇමෙරිකාවේ සහාය ලැබුණි.
මිය ගිය උප ජනාධිපතිවරයාට ගෞරව දැකවූ ඇෆ්ගනිස්තානයේ ප්රවෘත්ති අමාත්‍ය ආචාර්ය සයීඩ් රහීන් කියා සිටියේ අවංකව කැපවීමකින් කටයුතු කළ ඇෆ්ගන් පුත්‍රයෙකු රටට අහිමි වූ බවය.
ඇෆ්ගන රජය දින තුනක ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර ඇති අතර, ජාතික ධජය අඩකුඹු කර තබන ලෙසද දන්වා තිබේ.