අප්රිකානු අර්ධද්වීපයේ ඇතැම් කොටස් වෙත වලයාකාර සූර්යග්රහණයක් දැකගැනීමේ අවස්ථාව උදාවී ඇති බව විදෙස් වාර්තා පවසයි.
පූර්ණ සූර්ය ග්රහණයකදී සූර්යයා සම්පූර්ණයෙන්ම නොපෙනී ගියත්, වලයාකාර සූර්ය ග්රහණයකදී සූර්යා ගිනි වලල්ලක ආකාරයට දිස්වෙයි.
පූර්ණ සූර්යයක් ග්රහණයක් සිදුවන අවස්ථාවට වඩා චන්ද්රයා පෘථිවියට වඩා ඈතින් පැවතීම හේතුවෙන් මෙවැනි වලයාකාර සූර්යග්රහණ ඇති වෙයි.
මෙම වලයාකාර සූර්යග්රහණය ටැන්සානියාවට හොඳින්ම දැකගැනීමට හැකිව ඇති අතර, එය විනාඩි තුනක පමණ කාලයක් පැහැදිලිව දිස්වී ඇති බවත් විදෙස් වාර්තා පවසයි.
එමෙන්ම, ගැබෝන්, කොන්ගෝ-බර්සාවිල්ලේ, කොන්ගෝ ජනරජය, මැඩගස්කර්, රීයූනියන් දූපත් යන රටවලටද මෙම වලයාකාර සූර්යග්රහණය දිස්වී තිබේ.