සිරියාවේ ඉස්ලාමීය අන්වාදීන්ගේ ක්රෑරත්වය විදහාපාන ඡායාරූප කිහිපයක් මුදාහර තිබුනේ සොරකමක් සිදුකළ පුද්ගයෙකුගේ අතක් ප්‍රසිද්ධියේ කපාදමන ආකාරය විදහා දක්වමිනි.
සිරියාවේ උතුරුදිග නගරයක් වූ මස්කන්නා හිදී මෙම සිදුවීම ට්විටර් සමාජජාලයට එකතු කර තිබිණි.
ඉරානය හා සිරියාව සඳහා වූ ඉස්ලාමීය රාජ්‍යයක් නම් වූ අන්තවාදී කණ්ඩායම විසින් මෙම ක්‍රියාව සිදුකර ඇති බව වාර්තා වෙයි.
ජිහාඩ් සංවිධාන ට්විටර් ගිණුම් කිහිපයක්ම සඳහන් කර තිබුනේ සොරකමට සම්බන්ධ පුද්ගලයාගේ අත කපා දැමීමෙන් ඔහුගේ දෑත් පවෙන් පිරිසුදු කිරීමට ඔහුට මෙම දඬුවම නියම කළ බවයි.
ජිහාඩ් සංවිධානයට සම්බන්ධ ඉස්ලාමීය අන්තවාදීන්ගේ මෙවැනි ක්‍රියා හේතුවෙන් දෑත් අහිමි වූවෝ රැසක් ඔවුන්ගේ බලපෑමට ලක්වූ රාජ්‍යයන්හි ජීවත්වන බව විදෙස් මාධ්‍ය පවසයි.