WhatsApp හි සොයාගත් නවතම දුර්වලතා Meta සතු නිෂ්පාදනය ප්රථමයෙන් සහ ප්රධාන වශයෙන් නිරීක්ෂණ මෙවලමක් බව මතක් කිරීමක් වන බව තරඟකාරී Telegram යෙදුම පිටුපස සිටින පුද්ගලයා අනතුරු අඟවා තිබේ.
Telegram ප්රධාන විධායක නිලධාරී පවෙල් ඩුරෝව් පෝස්ට් එකකින් WhatsApp සම්බන්ධයෙන් මෙම අනාවරණය සිදුකළේ, එහි ක්රමලේඛනයේ සොයාගත් නව දෝෂ දෙකක් පිළිබඳ සංවර්ධකයෙකුගේ වාර්තාවකට ප්රතිචාරයක් වශයෙනි.
මෙම නව සොයාගැනීම් එය භාවිත කරන්නන්ට තීරණාත්මක ආරක්ෂක අවදානමක් ඇති බව ඩුරෝව් පැවසීය. එවැනි අවදානම් පවතින නිසා "අලුත් ආරක්ෂක දෝෂයක් දැනටමත් පවතින බව නිසැකයි" ඔහු සඳහන් කළේය.