මැලේසියානු ගුවන් සේවයට අයත් MH17 ගුවන් යානය මගීන් 298 දෙනෙකු සමග වෙඩි තබා බිම හෙලී යැයි රුසියානුවන් තිදෙනෙකු හා යුක්රේන ජාතිකයෙකුට ගොනුකළ චෝදනාව මැලේසියානු අගමැති මහතීර් මොහොමද් ප්‍රතික්ෂේප කරයි.
රුසියානු ජාතිකයන් තිදෙනෙකු සහ එක් යුක්රේන ජාතිකයෙකුට එරෙහිව ගනු ලැබූ මෙම චෝදනා ගොනුකිරීම හාස්‍යයට ලක්වන තීරණයක් බව මැලේසියානු අගමැතිවරයා පෙන්වා දෙයි.
නැගෙනහිර යුක්රේනයේදී බක් මිසයිලයක් ආධාරයෙන් මෙම ගුවන් යානය බිම හෙලූ බව නෙදර්ලන්තය ප්රමුඛව සිදුකළ පරීක්ෂණයේදී හෙලි වූ බවත්, අදාළ මිසයිලය රැගෙන ඒමට මෙම පුද්ගලයන් සිව්දෙනා කටයුතු කළ බවත් එහිදී සඳහන් විය.
කෙසේ වෙතත්, මහතීර් මොහොමඩ් පවසන්නේ මෙම චෝදනා ගොනු කිරීම දේශපාලන න්‍යාය පත්රයකට අනුව සිදුව ඇති බවයි. එහිදී, මේ සම්බන්ධයෙන් රුසියාවට චෝදනා කරන්නේ කෙසේද යන්න ඔහු ප්‍රශ්න කරයි.
රුසියානු ජනපති ව්ලැදිමීර් පූටින්ද මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර තිබුණි.