IS ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්ත කණ්ඩායම ඉරාකයේ නැවත සංවිධානය වන බවට අවස්ථාවක් පෙන්වන බව වාර්තා වෙයි.
ඉරාකයේ IS ත්රස්තයන්ගේ යළි නැගිටීම අලුත් කැරැල්ලක් බවත්, මේ වනවිට IS ප්‍රහාර වැඩි වෙමින් පවතින බවත් කුර්දි සහ බටහිර බුද්ධි අංශ පෙන්වා දෙයි.
අල්කයිඩා සංවිධානයට වඩා සටන්කාමීන් මේ වනවිට තවත් සන්නද්ධ වී ඇති බවත්, ඔවුන් වඩා භයානක බවත් කුර්දි ත්‍රස්ත මර්දන නිලධාරියෙකු වන ලාහුර් තලබානි පවසයි.
"ඔවුන්ට වඩා හොඳ ශිල්පීය ක්‍රම, වඩා හොඳ උපක්‍රම වගේම වැඩි මුදලක් ඔවුන් වෙත ගලා එමින් තිබෙනවා" ඔහු පවසයි.
"ඒ වගේම ඔවුන්ට වාහන, ආයුධ, ආහාර සැපයුම් සහ උපකරණ මිලදී ගැනීමට හැකියාව තිබෙනවා. තාක්ෂණිකව ඔවුන් වඩාත් ඉදිරියට පැමිණ තිබෙනවා. ඒ නිසා ඔවුන් සම්පූර්ණයෙන් අතුගා දැමීම දැඩි දුෂ්කර කර්තව්‍යයක්. ඔවුන් අතිශය භයානකයි." හෙතෙම වැඩිදුරටත් පෙන්වා දෙයි.