වෙළෙඳ යුද්ධය, ගෝලීය උණුසුම, රුසියාව සහ චීනය පිළිබඳ කරුණු ආදී මාතෘකා රැසක් කතාබහට ලක්කෙරෙන G7 රාජ්‍ය නායක සමුළුව ප්‍රංශයේ නිරිතදිග බියාරිට්ස් නගරයේදී පැවැත්වේ.
කෙසේ වෙතත්, මෙම රාජ්‍ය නායක සමුළුවට සහභාගී වූ ඇමෙරිකානු නායක ඩොනල්ඩ් ට්‍රම්ප් මෙවර සමුළුවේදී සාකච්ඡා කොරෙන බොහෝ මාතෘකා සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාර නොදක්වා ඇති බවද වාර්තා වෙයි.
මේ අතර, ප්‍රංශයට පැමිණි ට්‍රම්ප් ඇතුළු රාජ්‍ය නායකයන්ට විශේෂ දිවා භෝජන සංග්‍රහයක් පැවැත්වීමට ප්‍රංශ නායක එමානුවෙන් මැක්රෝන් කටයුතු කළ බව විදෙස් වාර්තා පවසයි.
ප්‍රංශයේ පැරිස් නුවරදී තෙදිනක් පුරා පැවැත්වෙන G7 රාජ්‍ය නායක සමුළුව ඊයේ (24දා) ආරම්භ වී හෙට (26දා) අවසන් වීමට නියමිතය.
මෙවර සමුළුවට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ලෙස බොරිස් ජොන්සන් ප්‍රථම වරට සහභාගී වන අතර, ඔහු ඇමෙරිකාව සමග නව සබඳතා වර්ධනය කරගැනීමට සූදානම් වෙයි.
ප්‍රංශයේ ඉහළ සංචාරක ආකර්ෂණයක් සහිත බියාරිට්ස් නගරයේ පැවැත්වෙන සමුළුව ආශ්‍රිතව මෙම දින කිහිපය පුරා දැඩි ආරක්ෂක රැකවල් දියත් කෙරෙන බව සඳහන් වෙයි.
කෙසේ වෙතත්, මෙම සමුළුවට සහභාගී වීමට පැමිණි රාජ්‍ය නායකයන් වෙත විරෝධය පළ කරමින් උද්ඝෝෂණ කිහිපයක්ද සංවිධානය වී තිබූ බව ප්‍රංශයෙන් වැඩිදුරටත් වාර්තා වෙයි.