ෆේස්බුක් සමාජ ජාලය තුළ පැතිර යන වෛරී ප්‍රකාශන සහ අනෙකුත් අනර්ථකාරී තොරතුරු පාලනය කිරීම ඉලක්ක කරමින් ඊට අවශ්‍ය සිංහල හා දමිළ භාෂා ප්‍රවීණයන් තවදුරටත් වැඩිකිරීමට අවශ්‍ය ආයෝජන සැලකිය යුතු ලෙස වර්ධනය කර ඇති බව ෆේස්බුක් පවසයි.
"අපි පොරොන්දු වූ ආකාරයෙන් සිංහල හා දමිළ භාෂා ප්‍රවීණයන් වෙනුවෙන් අපේ ආයෝජන සැලකිය යුතු ලෙස වැඩිකර තිබෙනවා. විශේෂයෙන්ම දිගන ඇති වූ සිදුවීමෙන් පසුව ශ්‍රී ලාංකේය භාෂා ප්රවීණයන්ගේ සේවය වැඩිවශයෙන් ලබාගැනීමට අප කටයුතු කළා" යැයි ෆේස්බුක් සමාගමේ ප්‍රකාශකයෙකු ඊයේ (10දා) කොළඹදී පවසා සිටියේය.
එමෙන්ම, ශ්‍රී ලංකාව තුළ සිටින සිය පොදු ප්‍රතිපත්ති කණ්ඩායමේ සාමාජිකයන් ෆේස්බුක් සමාජ ජාලය තුළ වෛරී ප්‍රකාශන පාලනය කිරීම සඳහා සිය ගෝලීය කණ්ඩායම් සමග වඩාත් සමීපව කටයුතු කරන බවද හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය.
ඡායාරූප - ක්‍රිෂාන් රණසිංහ