ඩොලර් බිලියන 3ක ගනුදෙනුවකින් ලොක්හීඩ් මාටින් විසින් නිෂ්පාදනය කරන ලද ප්‍රබල F-35 ප්‍රහාරක ජෙට් යානාවල තුන්වැනි බලඇණියක් මිලදී ගැනීමට ඊශ්‍රායලය අනුමත කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
ඊශ්‍රායලය F-35 ප්‍රහාරක ජෙට් යානා සහිත එකම මැදපෙරදිග ජාතිය වන අතර, එය රහසිගතව කටයුතු කළ හැකි සහ බුද්ධි තොරතුරු රැස් කිරීමට, සතුරු ප්‍රදේශයට ගැඹුරට පහර දීමට සහ ගුවන් ද්වන්ධ සටන් කිරීමට භාවිතා කළ හැකි ලෝකයේ වඩාත්ම දියුණු ප්‍රහාරක යානය වේ.