යුරෝපා සංගමයේ සම්බාධක නොතකා සිරියාව වෙත ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ නෞකාවක් වෙත රාජකීය මැරීන් භටයන් ඇතුළු වී එය අත්අඩංගුවට ගත් බව ගිබ්රේල්ටාර් රජය පවසයි.
බ්‍රිතාන්‍යය පාලනයේ පවතින ගිබ්රේල්ටාර් රාජ්‍යය පවසා සිටියේ ග්‍රේස් 1 නමින් හැඳින්වෙන මෙම නෞකාව සිරියාවේ බැනියාස් තෙල් පිරිපහදුව වෙත ඉන්ධන ප්‍රවාහනය කරමින් සිටි බවට පැහැදිලි සාක්ෂි පවතින බවයි.
සිරියාවට එරෙහිව පනවා ඇති සම්බාධක සලකා බැලීමේදී මෙම තෙල් පිරිපහදුවද ඊට අයත් බව ගිබ්රේල්ටාර් රාජ්‍යයේ ප්‍රධාන අමාත්‍යවරයා පවසයි.
ඔහු පවසා සිටියේ තම අනුදැනුම මත රාජකීය මෙරීන් භටයන් මෙම නෞකාව සිය භාරයට ගත් බවයි.