BRICS කණ්ඩායමට එක්වන ලෙස ආර්ජන්ටිනාව, ඊජිප්තුව, ඉතියෝපියාව, ඉරානය, සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ආරාධනා කිරීමට බ්‍රික්ස් රටවල නායකයන් තීරණය කර තිබේ.
දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමෆෝසා බ්‍රහස්පතින්දා ජොහැන්නස්බර්ග් හි පැවති 15 වැනි බ්‍රික්ස් සමුළුවේ මාධ්‍ය හමුවකදී මේ බව පැවසීය.
එකී නව රටවල පූර්ණ සාමාජිකත්වය 2024 ජනවාරි 01දා සිට ක්‍රියාත්මක වන බවද රමෆෝසා වැඩිදුරටත් පැවසීය.