චීන ජනගහනය වර්ෂ 2029 වනවිට බිලියන 1.44ක් ලෙස උපරිමයට පැමිණෙනු ඇති බව එරට රජය නිකුත් කළ නවතම අධ්‍යයන වාර්තාවකින් පෙන්වා දී තිබේ.
චීනයේ සමාජ විද්‍යා ඇකඩමිය විසින් සිදුකරන ලද මෙම අධ්‍යයනයට අනුව කුඩා ශ්‍රම බලකායක් සහ විශාල වැඩිහිටි ජනගහනයක් පාලනය සම්බන්ධයෙන් නව ප්‍රතිපත්ති හඳුන්වාදීමට එරට රජයට සිදුවනු ඇති බව පවසා ඇත.
මෙම තත්ත්වය හේතුවෙන් අතිශය අවාසිදායක සමාජ සහ ආර්ථික ප්‍රශ්න රැසක් ඇති කරනු ඇති බවද එම වාර්තාව පෙන්වා දී තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් චීන ජනගහනය සම්බන්ධයෙන් අවසන් වරට සිදුකළ සමීක්ෂණයට අනුව එරට ජනගහනය බිලියන 1.41ක් ඇස්තමේන්තු කර තිබුණි.
එමෙන්ම, වර්ෂ 2015 දී ලෝකයේ වැඩිම ජනගහනයක් වෙසෙන රට ලෙස එතෙක් කලක් එරටට හඳුන්වාදී තිබූ එක් දරු ප්‍රතිපත්තිය වෙනස් කරනු ලැබුවේද මෙම ප්‍රශ්නයට පිළිතුරු සෙවීම සඳහාය.
විශේෂයෙන්ම වැඩකරන වයසේ ශ්‍රම බලකාය අඩුවීම සහ වැඩිහිටි ජනගහනය වැඩිවීම තුළ මෙම අර්බුදය හටගෙන තිබේ.