ගෝලීය සාමාන්‍ය උෂ්ණත්වය සලකා බැලීමේදී 2015 වසර එදාමෙදා තුර වාර්තා වී ඇති උෂ්ණාධිකම වර්ෂය වනු ඇති බව ලෝක කාලගුණ විද්‍යා සංවිධානය පවසයි.
2015 ඔක්තෝබර් මාසය දක්වා, මීට පෙර වසර සමග සැසඳීමේදී ගෝලීය උෂ්ණත්වයේ සාමාන්‍ය අගය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ.
එමෙන්ම, 2011 එහා 2015 අතර වසර 5ක කාලසීමාවද එදාමෙදා තුර වාර්තා වී ඇති උෂ්ණාධිකම වසර 5ක කාලසීමාව බවද එම සංවිධානය පවසයි.
මේ ආකාරයෙන් උෂ්ණත්වය ඉහළ යෑමට දැඩි එල්නිනෝ තත්ත්වයන් මෙන්ම මිනිස් ක්‍රියාකාරකම්ද හේතු වී ඇති බවද ඔවුන් අවධාරණය කරයි.