බස් රථයක් ප්‍රමාණයේ ග්‍රාහකයක් ඊයේ (28දා) ග්‍රිනීච් වේලාවෙන් සවස 4.56ට (ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 10.26ට පමණ) පෘථිවියට ආසන්නයෙන් ගමන් කළ බව නාසා ආයතනය පවසයි.
2017 YZ4 යනුවෙන් නම් කෙරුණු මෙම ග්‍රාහකය පෘථිවිය හා සඳු අතරින්, පෘථිවියට කිලෝමීටර් 224,000ක් පමණ ඉතා ආසන්න දුරකින් ගමන් කළ බව විද්‍යාඥයෝ පෙන්වා දෙති.
ප්‍රමාණයෙන් අඩි 44ක් සහ අඩි 22.6ක් පමණ වන මෙම ග්‍රාහකය පැයට කිලෝමීටර් 34,000 ඉක්මවූ අති ප්‍රබල වේගයකින් සිය ගමන සිදුකරනු ඇති බවද කියැවෙයි.
ඇරිසෝනා හි මවුන්ට් ලෙමොන් අභ්‍යවකාශ නිරීක්ෂණ මධ්‍යස්ථානය විසින් මෙම ග්‍රාහකය මුලින්ම හඳුනාගෙන තිබූ අතර, එය මෙම වසරේ පෘථිවිය සහ සඳු අතරින් ගමන් කෙරෙන 52 වැනි ග්‍රාහකය බවද සඳහන් වෙයි.