ෆේස්බුක් සමාගමේ ගෝලීය දැන්වීම් ප්‍රධානී කැරොලින් එවර්සන් සමාගම හැර යන බව සිය සමාජ මාධ්‍ය වේදිකාවේ පළ කළ ලිපියකින් නිවේදනය කර තිබේ.
"කැරොලින් නව පරිච්ඡේදයකට පිවිසෙත්ම ඇයට සුබ පතනවා. ඇයගේ දායකත්වයට අපි කෘතඥ වෙනවා" යනුවෙන් ෆේස්බුක් ප්‍රකාශකයෙක් ඊමේල් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේය.
දශකයකට වැඩි කාලයක් ෆේස්බුක් හි සේවය කළ එවර්සන් ෆේස්බුක් හි ගෝලීය ව්‍යාපාර සමූහයේ උප සභාපතිවරයාද විය.
පසුගිය ගිම්හානයේදී දැන්වීම්කරුවන් දහසකට වැඩි පිරිසක් ෆේස්බුක් වේදිකාව තුළ වෛරී කථාවට එරෙහිව සටන් කිරීමට ප්‍රමාණවත් ශක්තියක් නොවන බවට ෆේස්බුක් වර්ජනය කිරීමකට සූදානම් වනවිට ඇය සමාගම වෙනුවෙන් අදහස් දැක්වූ ප්‍රධාන ප්‍රකාශිකාවකද විය.
ඇයගේ ඉවත්වීමත් සමග ෆේස්බුක් හි EMEA කලාපයේ (යුරෝපා, මැදපෙරදිග හා අප්‍රිකානු කලාපයේ) කටයුතු කරන සහ වසර අටක කාලයක් එහි සේවය කරන නිකොලා මෙන්ඩල්සෝන් ගෝලීය ව්‍යාපාර සමූහයේ නව උප සභාපතිවරයා වනු ඇතැයි සමාගම පවසයි.