ෆේස්බුක් ප්‍රධානී මාර්ක් සකර්බර්ග් ෆේස්බුක් ජාලයේ හානිකර අන්තර්ගතයන් වැඩි වශයෙන් නියාමනය කරන ලෙස ඉල්ලා සිටිනිම්, නීත්‍යනුකූලව භාෂණයේ නිදහස ලෙස සැලකිය යුතු දේ තීරණය කිරීම තමා වැනි සමාගම් විසින් තීරණය කරන්නක් නොවන බව අවධාරණය කර තිබේ.
කෙසේ වෙතත් ඇතැම් රටවල් විසින් සමාජජාල මාධ්‍ය අධික ලෙස පාලනය කිරීම පුද්ගල භාෂණයේ නිදහස අඩාල කිරීමක් බවටද අනතුරු අඟවා සිටියේ ජර්මනියේ මියුනිච් ආරක්ෂක සමුළුව අමතමිනි.
ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය දැවැන්තයින් මේ වනවිට අසත්‍ය තොරතුරු පැතිරීම නැවැත්වීම සම්බන්ධයෙන් වැඩි පීඩනයකට ලක්ව සිටින අතර, විශේෂයෙන් ෆේස්බුක් දේශපාලන වෙළෙඳ දැන්වීම් පිළිබඳ ප්‍රතිපත්තිය විවේචනය කර තිබේ.
සමාගම 2018 දී එක්සත් ජනපදයේ සහ ඊළඟ වසරේ ගෝලීය වශයෙන් දේශපාලන වෙළෙඳ දැන්වීම් සඳහා නව ප්‍රතිපත්ති දියත් කළේය. මෙම නීතිවලට දේශපාලන දැන්වීම් අවශ්‍ය වන්නේ ඔවුන් සඳහා මුදල් ගෙවා ඇත්තේ කවුරුන්ද යන්න පෙන්වීමට වන අතර වෙළෙඳ දැන්වීමේ පිටපතක් ප්‍රසිද්ධියේ සෙවිය හැකි දත්ත ගබඩාවක වසර හතක් තබා ඇත.
නමුත් මේ සතියේ ෆේස්බුක් කියා සිටියේ සමාජ මාධ්‍ය තරු විසින් අනුග්‍රහය දක්වන දේශපාලන පෝස්ට් සිය දත්ත ගබඩාවට ඇතුළත් නොකරන බවයි. එමෙන්ම සමාගමේ භාෂණයේ නිදහස සම්බන්ධ ප්‍රතිපත්තියේ කොටසක් ලෙස දේශපාලන පෝස්ට්වල දත්තවල නිවැරදි බව තහවුරු කරගැනීමේ පරීක්ෂාවක් සෑම විටම සිදු නොවන බවද ඔවුන් කියයි.