ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තය වෙත ඇතුළු වෙමින් පවතින මයිකල් සුළි කුණාටුව සිව්වැනි ප්‍රවර්ගයේ අතිශය දරුණු සුළි කුණාටුවක් බවට පත්වෙමින් ඇති බව විදෙස් වාර්තා පවසයි.
මේ වනවිටත් පියට කිලෝමීටර් 210 ඉක්මවන සුළං දහරා මෙම සුළි කුණාටුව ඇති කර තිබෙන අතර, එය ග්‍රිනීච් වේලාවෙන් සවස 4.00ට පමණ ගොඩබිමට ඇතුළු වෙනු ඇති බව කියැවෙයි.
ෆ්ලොරීඩාවේ ජීවත් වන 370,000ක පමණ ජනතාවකට ඉවත්වන ලෙසත්, හැකිතරම් උස් භූමීන් හි රැඳී සිටින ලෙසත් බලධාරීන් පවසා ඇත.
මධ්‍යම ඇමෙරිකාව වෙත සති අන්තයේදී ඇති වූ කුණාටු සහ ගංවතුර තත්ත්වයන් නිසා පුද්ගලයන් 13 දෙනෙකු දැනටමත් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ෆ්ලොරීඩා, ඇලබාමා සහ ජෝර්ජියා යන ප්‍රාන්ත මේ වනවිටත් හදිසි තත්ත්ව ප්‍රකාශයට පත්කර ඇත.