පැයට කිලෝමීටර් 200 ඉක්මවන සුළං සහ ධාරාණිපාත වර්ෂාවන් ඇති කරමින් ෆොනී සුළි කුණාටුව ඉන්දියාවේ නැගෙනහිර වෙරළින් ගොඩබිමට ඇතුළු වී තිබේ.
මෑත කාලයේදී මෙම කලාපය මුහුණදෙන දරුණුතම සුළි කුණාටුවක් ලෙස ෆොනී, එසේත් නැත්නම් ෆානී සුළි කුණාටුව සැලකෙයි.
එය ඉන්දීය වේලාවෙන් පෙ.ව.8.00ට ගොඩබිම වෙත කඩා වැදී ඇති අතර, කුණාටුව පැමිණිමට පෙර එය සෘජුවම බලපාන ඔරිස්සා ප්‍රාන්තයේ මිලියනයක පමණ ජනතාවක් ආරක්ෂිත ස්ථාන කරා යොමුකිරීමට බලධාරීන් කටයුතු කර තිබේ.
ඉන්දීය මාධ්‍ය පවසා සිටියේ මේ වනවිට සුළි කුණාටුව හේතුවෙන් ඔරිස්සා ප්‍රාන්තයේ පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
මේ අතර, ගංවතුර තත්ත්වයන්ද ප්‍රදේශ රැසක වාර්තා වන බව පෙන්වා දෙන ඉන්දීය මාධ්‍ය සුළි කුණාටුව පහළින් ඇදී යන නිසා නිවාස රැසකට ඉන් බලපෑමක් ඇතිවන බවද කියයි.